Gossips

ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලූම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කර්මාන්තශාලාවේ සේවකයන්ට ඊයේ දහවල් ලබා දුන් ආහාර විෂ වී සේවකයින් 160 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලටත්, 156 දෙනෙකු ගම්පහ රෝහලටත් ඇතුළත් කෙරුණා.