Gossips

අතුරුදන්වූවන් ගැන කාර්යාලයේ නිර්දේ්ශ ක්‍රියාත්මක කරන අනුකමිටුව පත් කෙරේ

අතුරුදන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලය ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහි ප්‍රධානත්වය දරන අතර ඊට අමාත්‍යවරුන් දස දෙනෙකු ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙහිදී අනුකමිටුවට සහය වීම සදහා සහ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සදහා සහායක කමිටුවක් පත් කිරීමට ද නිර්දේශ වී තිබෙනවා.
එසේම, ජාතික සමගිය හා සහජීවනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම අනුකමිටුවේ කැදවුම්කරු ලෙස පත් කිරීමට යෝජනා කර ඇති අතර, මෙම අනුකමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉදිරි වසර 3 ක කාලය සදහා ජාතික අයවැය මගින් මුදල් වෙන් කෙරෙනු ඇති.