Gossips

Update – ආහාර විෂවීමකින් රෝහල් ගතකළ ඇඟලුම් සේවිකාවන් ගණන 300 ඉක්මවයි

මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් රෝහල් ගත කළ සේවක සේවිකාවන් සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද (22) පෙරවරුවේ ලබාදුන් ආහාරය අනුභවයෙන් පසුව මෙලෙස රෝගී වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අනුව සේවක, සේවිකාවන් 150 දෙනෙකු පමණ මිනුවන්ගොඩ රෝහලටත් තවත් 160 දෙනෙකු පමණ ගම්පහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
මොවුන්ට වමනය සහ උදර වේදනාව ඇතුළු රෝගී තත්ත්වයන් පවතින බව රෝහල් ප්‍රකාශකයින් සඳහන් කළා.
Update :- Saturday, September 22, 2018 12.20 pm
———————————————————————-
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවක ආහාර විෂවීමකින් 100 දෙනෙකු රෝහලේ
මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් සේවක සේවිකාවන් 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද පෙරවරුවේ ලබාදුන් ආහාරය අනුභවයෙන් පසුව මෙලෙස රෝගී වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අනුව සේවක, සේවිකාවන් 71 දෙනෙකු පමණ මිනුවන්ගොඩ රෝහලටත් තවත් 25 දෙනෙකු පමණ ගම්පහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
මොවුන්ට වමනය ඇතුළු රෝගී තත්ත්වයන් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.