Gossips

ගිරිතලේ වැවේ අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු හමුවේ

පොළොන්නරුව – ගිරිතලේ වැවේ සොරව්ව අසල දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පියා සහ දියණියගේ සිරුරු අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා.
ඒ, නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින්. පවුලේ ඥාතීන් සමඟ වෑන් රථයකින් මිනුවන්ගොඩ සිට පොලොන්නරුවට විනෝද චාරිකාවක පැමිණ සිටියදී ඔවුන් ඊයේ දහවල් මෙම අනතුරට ලක්වුණා.
දියේ ගිලී මිය ගිය 45 හැවිරිදි පියා ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන අතර, මිය ගිය දියණියගේ වයස අවුරුදු 14 ක්.
මේ අතර, ගිරිතලේ ජලාශයෙන් දිය නෑමේදී ප්‍රවේශම් වන ලෙසට අනතුරු ඇගවීම් සහිත පුවරු කිසිවක් සවි කර නොමැති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම ජලාශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.