Gossips

හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල පාලනය කිරීමට මැදිහත් නොවුණහොත් රට දරුණු තත්ත්වයකට පත් විය හැකි බවයි.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආණ්ඩුව භාර දී වත්මන් ආණ්ඩුව ඉවත් ව යා යුතු බවයි.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.