ට්රම්ප් පරිපාලනය විසින් ඩොලර් බිලියන 200කට අධික චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ නැංවීමෙන් පසු ඇමරිකාව සමඟ වෙළඳ සාකච්ඡා අත්හිටුවීමට චීනය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත සදහන් කරන පරිදි ඒ අනුව ඉදිරි සතියේ චීන උප අග්රාමාත්ය ලියු හේ, වොෂින්නටයට නොපැමිණෙනු ඇති.
ඔහුගේ සංචාරයට පෙර නිරීක්ෂණ දුත පිරිසක් වොෂින්ටනයට පැමිණීමට නියමිතව තිබුණ ද එම සංචාරය ද අවලංගු කර ඇති බවයි ඇමරිකානු පුවත්පත අනාවරණ කළේ.
ඇමරිකාව විසින් පනවනු ලැබූ නව තීරුබදු සැප්තැම්බර් 24 වන දා සිට ක්රියාත්මක වන අතර, ඊට පෙර චීනය විසින් ද තවත් ඩොලර් බිලියන 60ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු ප්රකාශයට පත් කළා.