Gossips

කෝටි 6යේ වාලම්පුරියක් විකිණීම දෙවුන්දර දී නවතී (ඡායාරූප)

කෝටි 6කට අලෙවි කිරීමට නියමිතව තිබූ ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගත ලෙස ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමි නමක් කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මාතර, දෙවිනුවර විහාරස්ථානය අසළ අත්අඩංගුවට ගත් ඔවුන්, මෙම වාලම්පුරිය විදේශිකයෙකුට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව සදහන්.
එය දිගින් සෙන්ටිමීටර් 39ක් සහ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 46ක් මෙන්ම බර කිලෝ 1යි ග්‍රෑම් 38ක් පමණ වන වාලම්පුරියක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්බල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, හිමි නම අම්බලන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කර ඇති බවටයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් ගන්දර පොලීසියට භාර දී ඇති අතර අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප – වැලිගම තරංග ගුණරත්න /මාතර අදීශ ආරියතිලක