Gossips

වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් 5 දෙනෙකු රෝහලේ

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේදි වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිදුවේ සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක්.
අනතුරට ලක්වන විට වෑන් රථයේ 11 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අධික වේගයෙන් ධාවනය වි ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු වැන් රථයේ ගැටිමත් සමඟ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු නිවසකට පෙරලි ගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.