Gossips

වාහන මිල ඉහළට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණ වීම නිසා මෝටර් රථවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා.
ඊයේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් මිල රුපියල් 170යි ශත 65 දක්වා ඉහළ ගියා.
ඒ අනුව වාහනයක සාමාන්‍ය මිල රුපියල් දෙලක්ෂ 50 සිට ඉහළ යන බවයි වාහන ආනයනකරුවන් සඳහන් කළේ.
එමෙන්ම සුඛෝපභෝගී වාහන මිල රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 8 දක්වා ප්‍රමාණයකින් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළා.