Gossips

මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැෆ්රල් කියයි

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා.
පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ඒ සඳහා පත් කළ සමාලෝචන කමිටුව, කථානායක කරු ජයසූරිය වෙත ඊයේ දැනුම් දුන්නා.
කෙසේ වෙතත්, කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේ කවර තත්ත්වයක් යටතේ වුවද හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
සීමානිර්ණ සමාලෝචන කමිටු වාර්තාව තවදුරටත් ප්‍රමාදවීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකර එහි අදහස් පක්ෂ නායකවරුන් වෙත කඩිනමින් යොමු කරන බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.