Gossips

චීනය සහ රුසියාව ඇමරිකාවට අනතුරු අගවයි

චීනය විසින් රුසියානු අවි මිලදී ගැනීමට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක පිළිබඳව දැඩි ප්‍රතිචාරයක් පළ වී තිබෙනවා.
චීනය මෑතකදී එස්.යූ. 35 වර්ගයේ රුසියානු ප්‍රහාරක යානා සහ එස් 400 වර්ගයේ ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල පද්ධති මිලදී ගත්තා.
ඇමරිකාව රුසියාවට මෙන්ම චීනය ඉලක්ක කර ගනිමින් සම්බාධක පනවා ඇත්තේ රුසියාවේ යුක්රේන ක්‍රියාකාරකම් විවේචනය කරමින්.
එහෙත් මෙම සම්බාධක ඉවත් කර නොගතහොත් දැඩි ප්‍රතිචාරවලට මුහුණදීමට සිදුවන බවට චීනය ඊයේ අනතුරු ඇගවීමක් කළා.
රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඇමරිකාව ගින්දර සමඟ සෙල්ලමකට සැරසෙන බවයි.