Gossips

වෙඩි ප්‍රහාරයකින් අඹුසැමි යුවළකට තුවාල

තලංගම ප්‍රදේශයේ අද අලුයම සිදුවු වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් තුවාල ලබා තිබෙනවා.
අලුයම 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබු අඹු සැමි යුවළ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක් සහ 48 හැවිරිදි කාන්තාවක්.
ඔවුන් නිදා සිටියදී නිවසේ ඉදිරිපස දොර කඩා නිවස තුලට ඇතුලුවු දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.
එම ස්ථානයේ තිබී කුඩා ගිනි අවියක් සඳහා භාවිත කෙරෙන ජීව උණ්ඩ 2 ක් සහ හිස් පතුරම් කොපු 3 ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.