Gossips

ශ්‍රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ ඔවින් මෝගන් හටයි.
මොයින් අලී, ජොනී බෙස්ටෝව්, ජෝෂ් බට්ල, සෑම් කරන්, ටොම් කරන්, ලියම් ඩේව්සන්, ඇලෙක්ස් හෙල්ස්, ලියම් ප්ලන්කට්, අදිල් රෂිඩ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ් මෙම සංචිතයට ඇතුළත්ව ඇති සෙසු ක්‍රීඩකයින්.
මෙම සංචිතයට නම්කර ඇති වේග පන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් තරඟ දෙක සඳහා පමණක් එක්කර ගන්නා බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය ලබන මස 10 වනදා ආරම්භ වීමට නියමිතයි.