Gossips

ලොව පැරණිම ස්කාගාරය සොයා ගැනේ

ඊශ්‍රායලයේ – හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනකින් වසර 13,000 ක් පමණ පැරණි බීර විශේෂයක අවශේෂ හමුවී තිබෙනවා.
ගවේෂකයන් පවසන්නේ එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බවයි.
බීර නිෂ්පාදනයේ ඉතිහාසය වසර 5000ක් දක්වා ඈතට දිව යන බවයි මීට පෙර විශ්වාස කෙරුණේ.
මෙම ගවේෂක කණ්ඩායම මෙහෙය වන්නේ කැලිෆෝනියාවේ – ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලී ලියූ විසින්.