Gossips

විමල්ට සහ ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්

පාර්ලිමේන්තු ආචාර ධර්ම හා විනය විරෝධීව කටයුතු කිරීමේ චෝදනාව මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ ප්‍රසන්න රණවීරට අද පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබුවා.
ඒ පසුගිය සැප්තැම්බර් මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුවේ පළමු වාර්තාවට අනුකූලවයි.
එම කමිටුවේ යෝජනා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒකාබද්ධ විපක්ෂය ඊට ඡුන්ද විමසීමක් ඉල්ලා සිටියා.
එහිදී ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ සති 4 ක පාර්ලිමේන්තු තහනමට පක්ෂව ඡන්ද 41 ක් ලැබුණු අතර විරුද්ධව ඉදිරිපත් වූයේ ඡන්ද 21 ක් පමණයි.
ඒ අනුව වැඩි ඡන්ද 20 කින් එම යෝජනාව සම්මත වුණා.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සති දෙකක පාර්ලිමේන්තු තහනමට පක්ෂව ඡන්ද 39 ක් වූ අතර විරුද්ධව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 21 ක්.
ඒ අනුව එම යෝජනාව සම්මත වූයේ ඡන්ද 18 කින්.