Gossips

වකුගඩු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පවතින බව ජනපති කියයි

දිවයින පුරා පිහිටි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.
ඒ මහවිලච්චිය – නබඩගස්දිගිලිය වැව අසලින්.
මෙහි පළමු අදියර ලෙස මහවිලච්චිය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල වැව් 17 ක් ප්‍රතිසංස්කරණය සඳහා තෝරා ගෙන තිබෙනවා.
වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ සිදුකෙරෙන මෙහි කටයුතු සියල්ලම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායයි.
මේ අතර, පසුගිය කාලය තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙලත් සමඟ වාර්ෂිකව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය දිවයින පුරා පිිහිටුවන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිවල පිරිසිදු පානීය ජලය ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ උත්සවයට අද එක්වෙමින්.