Gossips

වැස්ස තාවකාලිකයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින වර්ෂාව තාවකාලිකව හට ගත් තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග කොටසේ ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර, දිවයින අවට ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට ඉහළ යාමේ අවදානමක් ද පවතිනවා.
කෙසේ වෙතත්, සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමට නම් තවත් මාස දෙකක් පමණ ගතවනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.