Gossips

කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

වව්නියාව – තාණ්ඩිකලම දුම්රිය පොල අසලදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා ළඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 634 ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
යාපනය සිට වව්නියාව දෙසට පැමිණි බස් රථවලින් බැස යන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් මාතලේ – කලුදාවල සහ කිලිනොච්චි – බාරතිපුරම් ප්‍රදේශවල පදිංචි 45 සහ 43 හැවිරිදියේ වියේ පසුවන්නන්.