Gossips

විමල්ට සහ ප්‍රසන්නට එරෙහි පාර්ලිමේන්තු රැස්වීම් තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ ගමපහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවෙන් සති 4ක කාලයකට නෙරපීමට පාර්ලිමේන්තුව වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.
විනය විරෝධී හැසිරීම නිසා ඔහු පාර්ලිමේන්තුවෙන් සති 4ක කාලයක් සදහා නෙරපීම සදහා ඉදිරිපත් වූ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 21ක් පමණයි.
මේ අනුව ඔහුට මාසය කාලයක් සදහා පාර්ලිමේන්තුව තහනම් කලාපයක් බවට පත්වනු ඇති.
මේ අතර ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක් කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට ගෙනා යෝජනාවද වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 39ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 21ක් පමණයි.