අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. 
පොලීසිය ප්‍රකාශ කළේ 21 හැවිරිදි ඔහු කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. 
අද අලුයම 2 ත් 4 ත් අතර කාලය තුළ මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා. 
සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.



