Gossips

කාන්තාවන්ට අතවර කළ පොලිස් නිලධාරියා කැමරාවේ

මහමග ගමන්කරන කාන්තාවන් සහ පාසල් දැරියන් අසභ්‍ය ලෙස ස්පර්ශ කරන පොලිස් නිලධාරියෙකු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.
ඉන්දියාවේ Kochi හි මහා මාර්ගයකදීයි මෙම සිදුවීම වාර්තා වන්නේ.
එහිදී අදාළ නිලධාරියා මාර්ගය අසල සිටගෙන සිට එහි ගමන්ගන්නා කාන්තාවන් සහ සිසුවියන්ගේ රහස් ප්‍රදේශ වලට තමන්ගේ එක් අතක් ස්පර්ශ වීම සලස්වනවා.
කෙසේ වෙතත් අදාළ සිදුවීම ඔහුට පසුපසින් සිටින පුද්ගලයකු විසින් රහසිගතව පටිගත කර පසුව එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එම වීඩියෝව අන්තර්ජාලය ඔස්සේ පැතිර යාමත් සමඟ එරට බලධාරීන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවම කුපිත කරවූ එම පොලිස් නිලධාරියාගේ නොමනා හැසිරීම දැක්වෙන වීඩියෝව පහතින්.
rnrnrn