ඊ.ටී.අයි. ආයතනයේ අධ්යක්ෂවරුන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමේ උත්සාහයක් පවතින බව ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
මේ අතර, ඊයේ කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. මූලස්ථානය වටලා තැන්පත්කරුවන් විරෝධතාවයකද නිරත වුණා.
පසුව ඔවුන් පාගමනින් විරෝධතාවය දක්වමින් ඊ.ටී.අයි. ආයතනය සතු බොරැල්ල – කොටා පාරේ පිහිටි කාර්යාලයක් වෙත පැමිණි අතර, එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එම ආයතනය මහ බැංකුවේද අනුමැතිය සහිතව ඊ.ටී.අයි. සමාගම විසින් බෙන් හෝල්ඩින් නම් සමාගමකට විකුණා ඇති බවයි.
පසුව නැවතත් ඔවුන් පාගමනින් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ වෝඞ් පෙදෙසේ පිහිටි මූලස්ථානය වෙත පැමිණ එය වටලා පාලනාධිකාරියට විරෝධය පළ කළ අතර, එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.
කෙසේ වෙතත්, පැය කිහිපයක් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පිරිස විසිර ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.