Gossips

අයිස් මත්ද්‍රව්‍ය ළග තබා ගත් අයෙකු අත්අඩංගුවට

පෑලියගොඩ – මීගහවත්ත – වැලිපාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරු 29 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු අද අලූත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.