Gossips

යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් මරුට

සූරියවැව හට්පහ පාලම ආසන්නයේ සිදුවු යතුරුපැදි අනතුරකින් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබු දුරකථන කණුවක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.
අද උදෑසන 8 පමණ සිදුවු අනතුරින් මරණයට පත්වුනේ අවුරුදු 3 ක් වයසැති දැරියක්.
ඇයගේ මිත්තණිය සහ පියා ද තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ඇතුලත් කෙරුනේ සූරියවැව රෝහලටයි.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිකරු සිය දැරිය ඉන්ධන ටැංකිය මත තබාගෙන ධාවනය කරමින් සිට ඇතැයි සඳහන්.
තම පාවහන් බිමට වැටුනු බවට දැරිය පැවසීමෙන් පසු යතුරුපැදිකරු එය පරීක්ෂා කිරීමට යාමේදීයි යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරට ලක්වී ඇත්තේ.
සිද්ධියට අදාළව යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.