Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නූලෙන් පරාජය කළ හැටි මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් රැසක් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටියා.
සෑමවිටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරය හමුවේ ආරක්ෂා කිරීම පිලිබඳ ප්‍රසිද්ධියක් උසුලන ක්‍රීඩා විස්තර විචාරක රසල් ආනල්ඩ් ද සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙන්නේ කණ්ඩායමේ දස්කම් පිලිබඳ අතිශයින්ම කනගාටු වන බවයි.
කෙසේ වෙතත් සිය සුපුරුදු හාස්‍ය මුසු සටහනක් මගින් ඔහු පසුව පවසා තිබෙන්නේ ලෝකශූර නවසීලන්ත රග්බි කණ්ඩායම එරටදීම දකුණු අප්‍රිකාව
හමුවේ ලද පරාජය ක්‍රීඩාවේ අවිනිශ්චිත භාවයට සාක්ෂි සපයන බවයි.
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සහභාගී වූ ක්‍රිකට් තරග දෙකම පරාජය වුවත් වෙනත් ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණා.
ඒ තරගාවලියේ සජීවී රූපවාහිනී ආවරණය අතරතුර විකාශය කිරීම සඳහා පැවැත්වූ ඉදිකටුවට නූල දැමීමේ තරගයකදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින්.
rnrnrn