Gossips

බස් මගීන්ගෙන් රජයට චෝදනාවක්

යළිත් වරක් බස් ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව කොළඹ දිස්ත්‍රික් බස් මගී සංගමය පවසනවා.
සියයට 4 කින් ඉහළ දැමූ බස් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අතර, අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළේ.
එසේම අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාවන්හි ගාස්තුවල වෙනසක් සිදු නොවන බවද එහිදී ප්‍රකාශ කෙරුණා.
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බස් ගාස්තු ඉහළ යාමට අනුව රුපියල් 12 හේ අවම ගාස්තුව සහ රුපියල් 15 ගාස්තුවේ වෙනසක් සිදුවන්නේ නැහැ.
අද මධ්‍යම රාත්‍රියේ සිට ගමනාගමන මණ්ඩලයේ බස් රථවලද මෙම සියයට හතරේ බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක බව එම මණ්ඩලයද සඳහන් කළා.
කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනයේදී බස් රථ හිමිකරුවන් මෙන්ම බස් මගීන් පිළිබඳව ද සිතා බලා මධ්‍යස්ථ විසඳුම් ලබාදිය යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ දිස්ත්‍රික් බස් මගී සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන ප්‍රකාශ කළේ.