Gossips

රංගන ශිල්පී කේ.ඒ. පියකරු (කුරුං ගුරුං) මූල්‍ය දුෂ්කරතාවක

මෙරට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කේ.ඒ. පියකරු කලාකරුවා තම රෝගී තත්ත්වයන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීමේදී මූල්‍යමය දුෂ්කරතාවන්ට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.
78 හැවිරිදි වියේ පසුවන මොහු දැනට මාස 10 ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝග තත්ත්වයකින් පීඩා විඳින බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
රංගන ක්‍ෂේත්‍රයට අමතරව කේ.ඒ. පියකරු කලාකරුවා මූර්ති නිර්මාණ ශිල්පය සහ කැටයම් ශිල්පයද ප්‍රගුණ කළ තිබෙනවා.
තම සැමියාගේ රෝගී තත්ත්වය සුවකරගැනීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාගැනීමට උපකාර අපේක්ෂා කරන බවයි ඔහුගේ බිරිඳ වන ප්‍රේමා අල්විස් කියා සිටියේ.