Gossips

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ නිවසකට ප්‍රහාරයක්

යාපනය – තෙන්මරච්චි – කයිතඩි ප්‍රදේශයේදී නිවසකට අද අළුයම පැමිණි පිරිසක් පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.
චාවකච්චේරි පොලීසිය සඳහන් කළේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හතරදෙනෙකු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පෞද්ගලික ආරවුලක් මත මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.