Gossips

තේ පාර්ලිමේන්තුවට

තේ නිෂ්පාදනය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පස්වන ස්ථානය දක්වා පහත බැස ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි විෂයභාර අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ.
මේ අතර, වතු කම්කරු වැටුප් වැඩි කිරීමට රජය වහා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දුන්නා.
ඒ, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරීය සහ ප්‍රාදේශීය සභා සංශෝධන ඇතුළු පනත් කෙටුම්පත් සංශෝධනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයේදීයි.