Gossips

කිළිනොච්චි රෝහලේ බඹර වද දෙකකට ගිනි තබයි

කිළිනොච්චිය රෝහලේ ගොඩනැගිල්ලක බැද තිබුණු විශාල බඹර වද දෙකක් 19 දා රාත්‍රී ගිණි තබා විනාශ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
බඹර වද දෙකට ගිණි ඇවිළීමත් සමගම විශාල ගින්නක් හටගත් අතර ගිණිනිවන ඒකකයේ නිලධාරීන් සූදානම් කොට බඹර වදවලට ගිණි තැබීම නිසා විනාඩි පහක් වැනි කාලයක් ඇතුළත ගින්න මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම බඹර වද දෙක නිතර නිතර ඇවිස්සීම නිසා බඹරු රෝහලේ රෝගීන්ට දෂ්ඨ කිරීම නිසා එම් බඹර වද දෙක ඉවත් කිරීමට තීරණය කොට තිබෙනවා.
මේ දිනවල පළාතට වැටෙන දැඩි හිරු රශ්මිය නිසා නිතර නිතර බඹරුන් ඇවිස්සීම නිසා මෙම බඹර වද ඉවත් කිරීමේ තීරණය කඩිනම් වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කරේ.
නමුත් කිළිනොච්චියේ හා යාපනයේ අවිහිංසාවාදී හා සත්ත්ව සංගම් රෝහලේ බඹර වද වලට ගිණි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පල කොට තිබෙනවා.

දිනසේන රතුගමගේ