Gossips

කොරියාව 2032 ඔලිම්පික් උළෙල ඉල්ලයි

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව 2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා ඉල්ලූම් කිරීමට දෙරටේ නායකයන් එකඟ වී තිබෙනවා.
ඒ, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උතුරු කොරියාවේ පියොංයැං අගනුවරට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.
2020 වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටද ඔවුන් එකඟත්වය පළ කළා.
මේ වසරේ දකුණු කොරියාවේ පියොංචැං හි පැවති ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී දෙරටේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කෙරුණා.
දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියාවේ සංචාරයක නිරතවන්නේ සිය ප්‍රථම චාරිකාව ලෙසින්.