Gossips

චාවකච්චේරියේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රුපියල් දාහත් ලක්ෂයක කොල්ලයක්

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු චාවකච්චේරිය නගරයට ආසන්නයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 17 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.
අදාළ මූල්‍ය ආයතනයේ ආරක්ෂක නිලධාරියෙකු සිට නොමැති අතර, සැකකරු එහි අයකැමිට තියුණු ආයුධයක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.