Gossips

ලංකාව ක්‍රිකට් වලින් ඉහළින්ම ඔසවා තැබූ සුපිරි වැඩකරු දරාගත නොහැකිව කියූ කතාව

ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම ඉතිහාසයේ පලමු වතාවට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කන්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලැබීමත් සමඟ ලොව පුරා ඒ පිළිබඳව දැඩි කතාබහකට ලක්වුවා.
මෙම පරාජයත් සමග ශ්‍රි ලංකා කන්ඩායමට ආසියානු කුසලානයෙන් ඉවත්වීමට සිදුවූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළිබඳව හිටපු සුපිරි ක්‍රීඩක රොෂාන් මහානාම මහත් කණගාටුවෙන් පළකලේ මෙවන් අදහසක්.
රොෂාන් මහානාම
– හැබැයි මේ පරාජය වෙන ආකාරය නම් දරාගන්න අමාරුයි. අපේ ක්‍රීඩකයින් පරිපාලකයින් ඔවුන් සියලු දෙනාම ලැජ්ජාවට පත්වෙන්න ඕන. අපේ මේ ක්‍රීඩාව මේ තත්ත්වයට ඇදගෙන යෑම ගැන. ඉතා දුකින් කනගාටුවෙන් කතා කරන්නේ මොකද අපි ගෘෘප් ඔෆ් ත්‍රි හිටියේ.ඒ ගෘෘෆ් එකේ බංග්ලාදේශ්, ඇෆ්ගනිස්තාන්. ශ්‍රී ලංකා බෑග් පැක් කරන් ගෙදර එනවා. කනගාටුයි.