Gossips

ඉතියෝපියාවේ මාස 6 ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

ඉතියෝපියාව මාස 6 ක කාලයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට අග්‍රාමාත්‍ය හේල්මාරියම් ඩෙසාලෙජන් දේශපාලන ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබාදීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමෙන් අනතුරුව එරට ආරක්ෂක අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
ඉතියෝපියානු රජයට එරෙහිව පසුගිය කාලසීමාවේ දැඩි විරෝධතා පැවති අතර තවමත් විටින් විට ප්‍රචන්ඩකාරි ක්‍රියා වාර්තා වන බව සදහන්.