Gossips

මාතලේ සෝදිසි මෙහෙයුමකදී 30 දෙනෙකු අත්අඩංගුවට

මාතලේ දිස්ත්‍රික්කයට අයත් පොලිස් ස්ථාන 4ක සිදුකෙරුණු පැය 12ක විශේෂ සෝදිසි මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල යන පොලිස් ස්ථාන එක්ව ඊයේ (18) මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර අත්අඩංගුවට පත් පිරිස, හෙරොයින්, ගංජා සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම අධිකරණය මඟහැර සිටීම හා අනවසරෙන් වැලි ගොඩදැමීම් සිදුකළ කිහිප දෙනෙකු ද මෙම පිරිස අතර වනවා.