Gossips

තම ජනනේන්ද්‍රය කිඹුලෙකුගේ මුවට ඇතුල් කළ තරුණයෙකුට අත් වූ ඉරණම

තම ජනනේන්ද්‍රය කිඹුලෙකුට සපා කෑමට ඉඩ සැලැස්වූ තරුණයෙකුට අත්වූ ඉරණමක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.
තරුණයෙකු විසින් කුඩා ප්‍රමාණයේ කිඹුල් පැටියෙකු ගෙන සිය උකුල මත තබාගෙන ප්‍රථමයෙන් සිය ඇඟිලි සහ දිව එම සත්වයාට සපාකෑමට සලස්වන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
එම ස්ථානයේ සිටි පිරිස තවත් පුදුම කරවීමට සිතූ එම තරුණයා අනතුරුව කිඹුල් පැටියාට සපා කෑමට සලස්වන්නේ තම ජනනේන්ද්‍රයයි.
කිසිවෙකු නොසිතූ ලෙස කිඹුල් පැටියා එම තරුණයාගේ ජනනේන්ද්‍රයයෙන් සැළකිය යුතු කොටසක් සපා කන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ප්‍රථමයෙන් එය විහිලුවකට ගත් තරුණයා අවසානයේ අසල සිටින පුද්ගලයන්ගෙන් උදව් ඉල්ලා කෑ ගසන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
එම අවස්ථාව අසළ සිටි අයෙකු පටිගත කර අන්තර්ජාලයට එක්කර ඇතිමුත් ඉන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව නිශ්චිතව කිසිවක් සඳහන්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.