Gossips

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි බෙලරූස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හබරාදුව – උණවටුන මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් මොහු සන්තකයේ තිබී හෂීස් ග්‍රෑම් 10 ක් සොයා ගත් බවයි හබරාදුව පොලීසිය කියා සිටියේ.
මේ අතර, බොරැල්ල සහ බදුල්ල ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 6 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත් වුණා.
බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ සැකකරු 35 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා 25 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම, නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ විදේශීය දුම්වැටි 1800 ක් ළඟ තබාගෙන සිටි සෞදි අරාබි ජාතිකයෙකු ද ඊයේ ගුවන්තොටුපල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.