Gossips

පලාලි ඉන්දියාවට පැවරීමේ සූදානමක් ගැන විමල් මැතිසබයේදී කියයි

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර මට්ටමේ සිවිල් ගුවන් තොටුපලක් බවට පත් කර ඉන්දියානු ගුවන් සේවා අධිකාරියට පැවරීමේ සුදානමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ඊයේ (18) අනාවරණ කළා.
විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊට පිළිතුරු ලබාදුන් අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, චමින්ද විජේසිරි සහ අරුන්දික ප්‍රනාන්දු ද මැදිහත්වුණා.
චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වූ අතර, රාජ්‍ය අමාත්‍ය ශ්‍රියාණි විජේවික්‍රම කියා සිටියේ පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කර මෙහි පරීක්ෂණ සිදුකළ යුතු බවයි.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂෙහාන් සේමසිංහ සහ මහින්දානන්ද අලුත්ගමගේ ද අදහස් පළ කළා.