Gossips

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්වයට

අලි රංචුවක් ගැටීම හේතුවෙන් සීමා කර තිබූ කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථා තත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකළ ද දුම්රිය ධාවනයට ඉන් බාධාවක් නොවන බවයි.
ඊයේ (18) අලුයම හබරණ සහ පළුගස්වැව අතර දී කොළොන්නාවේ සිට පැමිණි ඉන්ධන ප්‍රවාහන දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම දුම්රිය පීලි පැනීමකට ලක්වූ අතර, තෙල් ටැංකි දෙකකට ද අලාභ හානි සිදුවුණා.