Gossips

වියළි කාලගුණය ඉදිරි දින කිහිපයේත්

අද රාත්‍රී කාලයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්වයන් සමග තරමක් ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ද බලාපොරොත්තුවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.