Gossips

ඉන්දියාව පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සැළසුම් සකසයි

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සඳහා සැළසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය ප්‍රකාශ කළා.
ඉන්දියාවට ක්‍රමෝපාය වශයෙන් වැදගත් වන පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළඹුනු බවයි එමඟින් කියා සිටියේ.
ඒ අනුව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති වාර්තාවක් සකස් කෙරෙන බව ඉන්දීය ගුවන් තොටුපල අධිකාරිය සඳහන් කළේ යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊට අමතරව කන්කසන්තුරේ ගුවන් තොටුපල සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය සඳහාද ඉන්දියාව යෝජනා ඉදිරිපත් කර ඇති බව අදාළ වාර්තාවල දැක්වුණා.