Gossips

හෝමාගමදී ත්‍රිරෝද රථය වෑන් රථයක ගැටී සුන්බුන් ගොඩක් වූ හැටි CCTV කැමරාවේ

හෝමාගම පිටිපන හල්ගහදෙණිය ප්‍රදේශයේ ඊයේ (17) සවස ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වූ පිටිපන උතුර ගබඩාවත්ත ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ.
අනතුර සිදුව අවස්ථාවේ ඔවුන් බීමතින් සිටින්නට ඇති බවටයි සැකපලකරන්නේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි පසුපස ගමන්කළ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමේදීයි රියදුරු මියගොස් ඇත්තේ.
පසුපස ගමන්කළ පුද්ගලයාගේ තත්වයද බරපතළ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර අනතුර සිදුවන අවස්ථාව අසළ සවිකර තිබූ CCTV දර්ශන පෙළක සටහන්ව ඇති දර්ශන වෙත විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
ඒ අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයට ඉදිරියෙන් ගමන්කළ යතුරු පැදියක දෙදෙනෙක් ගමන්කළ ආකාරය වෙතයි.
එම අවස්ථාව ඇතුළු ත්‍රිරෝද රථය වැන් රථයේ ගැටුණු අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළ පහතින්.