Gossips

රටම බලා සිටි සුපිරි තරඟාවලියේ පරාජයෙන් පසු මැතිව්ස් මුල්වරට සුබ පතමින් කියූ දුක හිතෙන කතාව

මෙවර ආසියානු කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව තුන් දිනක් තුළ ඉවත් කරමින් ඇෆ්ගනිස්ථානය වෙතින් ශ්‍රී ලංකාව ඊයේ ලද පරාජය කම්පනයට පත් කරවන සුළු අනපේක්ෂිත පරාජයක් බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.
එය මුළු කණ්ඩායමේම බලාපොරොත්තු සුන් කළ පරාජයක් බව පැවසූ මැතිව්ස් ඒ සම්බන්ධයෙන් තමා ඇතුළු පිතිකරුවන් වගකිව යුතු බව සඳහන් කළා.
බංග්ලාදේශය සමඟ පැවති පළමු තරඟයේදී ද ශ්‍රී ලංකා පිළට ලකුණු 150 ඉක්ම වීමට නොහැකි වූ බවයි ඔහු කියා සිටියේ.
තරඟයේ හොඳ ආරම්භයක් ලබා ගත්ත ද, මැදි පන්දු වාර වලදී ශ්‍රී ලංකා පිළට මඟ වැරදුණු බව නායක මැතිව්ස් සඳහන් කළේ, ජයග්‍රාහී ඇෆ්ගනිස්ථාන පිළට සුබ පතමින්.
ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඉදිරියේ අවමන් සහගත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.
"ඇත්තටම අපේ කණ්ඩායම ක්‍රීඩා කල ආකාරය කම්පනයක් ඇති කරමින් බලාපොරාත්තු සුනු විසුනු කිරීමක් වුණා. ඇෆ්ඝනිස්ථානයට සුබ පතන ගමන් කියන්න අපිට කණගාටුදායක ලෙස තරඟ දෙකේදීම ලකුණු 150 සීමාවේ නතර වෙන්න සිද්ධ වුණා."
පස්වරක් ආසියානු ශූරතාව දිනු ශ්‍රී ලංකා ඊයේ තරඟාවලියෙන් ඉවතට විසිවුණේ කෝඩුකාර ඇෆ්ඝනිස්ථානයට ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ජයග්‍රහණය හිමිකරදෙමින්.
මේ පරාජය ගැන ශ්‍රී ලංකාව නායකයා තවදුරත් මෙසේ අදහස් පළකලා.
"අපි පිතිකරණයේදී ටිකක් හොද ආරම්භයක් ලබා ගත්තා, නමුත් යලිත් අවාසනාවන්ත ලෙස මැද පෙළ අසාර්ථක වුණා. පන්දු යවන්නෝ සිය රාජකාරිය හරියට කළා. පන්දු රකීමෙන්ද අපේ ක්‍රීඩකයන්ගේ දියුණුවක් තිබ්බා. එත් යලි අපේ පිතිකරුවෝ තමන්ගේ රාජකාරිය ඉටු කලේ නැහැ."
එක්දින තරඟවලදී දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරඟාවලියට එක්වුණේ දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරඟාවලියේ අවසන් තරඟ දෙක ජයග්‍රහණය කරමින්.
"අපි දකුණු අප්‍රිකාවට එරෙහිව හොදට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළා. නමුත් ඒ රිද්මය අපි මේ තරඟාවලියට ගෙන්න බැරි වුණා. ප්‍රධානම කාරණය තමයි අපිට පීඩනය දරාගන්න බැරිවුණා. මේක කම්පනයට පත් වූ බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථාවක්."
අබුඩාබි හිදී පැවති මෙම තරඟය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 91කින් වන අතර ඇෆ්ගනිස්ථානය එක්දින තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ පළමු අවස්ථාව මෙය වනවා.
මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලානයෙන් මූලික වටයේදීම ඉවත්වීමට සිදුවුණා.
ඊයේ පැවති තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට සමත්වූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 50 තුල සියල්ලන් දැවී ලකුණු 249ක් රැස්කිරීමට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණා.
එහිදී රාමත් ෂා ලකුණු 72ක් රැස් කළ අතර ඉෂාන්අලා ලකුණු 45ක් ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී තිසර පෙරේරා පන්දුවාර 09ක් යවමින් ලකුණු 55කට කඩුලු 05ක් බිඳ දැමුවා.
මෙම තරඟයේදීත් ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ කරුණක්.
ලකුණු 250ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 158ක් තුල දවාගන්නට ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වුනේ ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තුව සුණු විසුනු කර දමමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් රැස්කළ අතර සෙසු කිසිඳු පිතිකරුවෙකුටවත් පිටියේ ස්ථාවර වීමට ඇෆ්ගන් පන්දු යවන්නන් පන්දු යවන්නන් ඉද ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථානය පන්දු යවන්නන් පස් දෙනාගෙන් සිව්දෙනෙක්ම කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.
ඊයේ තරඟයේ සුවිශේෂ අවස්ථා පහතින්.