Gossips

ඩෑන්ට නාමල්ගෙන් පිළිතුරු

සිංහලේ ජාතික සංවිධානය කුමන අරමුණකින් තමන්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ ද යන්න පිළිබදව සැකයක් පවතින බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පවසනවා.
පසුගියදා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පොලිස් කොමිසමට පැමිණි සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් විසින් නාමල් කුමාර ඊයේ (17) දැඩි ලෙස විවේචනයට ලක් කළා.
ඒ, මහසෝන් බලකායේ කැඳවුම්කරු අමිත් වීරසිංහට සිදුවූවායැයි කියන අසාධාරණයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා පොලිස් කොමිසමට පැමිණි අවස්ථාවේයි.
කෙසේ වෙතත්, තමන් දන්නා දේ රටට හෙළිදරව් කළ බවත්, ඊට සාධාරණ පසුබිමක් තිබූ බවත් ඔහුගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.