Gossips

ප්‍රදේශ කිහිපයකට තද සුළං තත්ත්වයක්

මධ්‍යම, වයඹ, උතුරුමැද සහ දකුණු පළාත්වල මෙන්ම බදුල්ල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර් 50 දක්වා වූ තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද අද (18) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම තංගල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.