Gossips

අද උදෑසන හබරණ දී යකඩ යකාට බිලිවූ වන අලි ගණන නොසිතූ ලෙස ඉහළ යයි

අද උදෑසන හබරණ දී යකඩ යකාට බිලිවූ වන අලි ගණන නොසිතූ ලෙස ඉහළ යයි
හබරණ සහ පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී මියගිය වන අලි සංඛ්‍යාව 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (18) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් පසු මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට අඩාල වී ඇති අතර එම මාර්ගයේ දුම්රිය ධාවනය මහව දක්වා සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.
කොළොන්නාවේ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන රැගත් 493 දුම්රියේ මෙම වන අලින් ගැටී ඇති අතර අනතුර සිදුවීමත් සමඟ අදාළ දුම්රිය ද පීලි පැනිමකට ලක්ව තිබෙනවා.