Gossips

ජනපති, ඉන්දීය අගමැතිට සුබ පතයි

සිය 68 වන ඡන්ම දිනය සැමරූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සුබ පැතුම් එක් කළා.
ට්විටර් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ඉන්දීය අගමැති මෝදිට යහපත් සෞඛ්‍යය ප්‍රාර්ථනා කර තිබෙනවා.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 වන ඡන්ම දිනය යෙදී තිබුණේ ද ඊයේ දිනයටයි.
ඒ සඳහා කොළඹ පැවැති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ සැබෑ දේශප්‍රේමියෙකු වූ අනගාරික ධර්මපාලතුමන් වැනි විශිෂ්ඨ චරිත එදා මෙන්ම හෙට දවසේ ද ජනතා ප්‍රාර්ථනය බවයි.
එමෙන්ම බොරැල්ල – පොදු සුසාන භූමියේ ද ඊයේ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ඡන්ම දින සැමරුම් උත්සවයක් පැවැත්වුණා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ ත්‍රිපිටකයේ අයිතිය බුද්ධ ශාසන අමාත්‍යාංශයට පවරා ගන්නා අතර, බුදුදහම විකෘති කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.