නීතිවිරෝධී ලෙස මී ගවයින් 14 දෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ තොරතුරු සපයා වැල්ලවාය පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබා ගත් බලපත්‍රයක් යොදා ගනිමින් මෙම ගව ජාවාරම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පූගොඩ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර, බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස එළගවයින් දෙදෙනෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ද ඊයේ(16) අරගලංවිල දී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.