Gossips

දකුණු කොරියානු ජනපති තුන් දින චාරිකාවකට උතුරට

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන් සූක්, තුන් දින සංචාරයක් සඳහා අද (18) උදෑසන උතුරු කොරියාවේ පියොංයැං අගනුවරට පැමිණියා.
ඒ, ඔවුන්ගේ ප්‍රථම උතුරු කොරියානු සංචාරය ලෙසින්.
ඔවුන් ගුවන් තොටුපළේදී පිළිගනු ලැබුවේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඔහුගේ බිරිඳ රි – සොල් ජු, විසින්.
නායකයන් දෙදෙනා කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි හරණය පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ වසර මුලදී සිට උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර සුහදත්වයක් ගොඩ නැගෙමින් පවතිනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී උතුරු සහ දකුණු කොරියානු නායකයන් දේශසීමාවේදී මුණ ගැසුණු අතර, ඉන් අනතුරුවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර හමුව සිංගප්පූරුවේදී සිදුවුණේ.