චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා තිබෙනවා.
මෙම ඉහළ බදු, චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික සංඛ්‍යාවක් සඳහා බල පවත්වන අතර, එය ඇමරිකාව විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කළ විශාලතම බදු පෙළයි.
සහල්, රෙදිපිළි, ගමන් මළු, අත්බෑග්, පමණක් නොව වැසිකිලි කඩදාසි සඳහා ද මෙම බදු ක්‍රියාත්මක වනු ඇති.
සැප්තැම්බර් 24 වන දා සිට සියයට 10යෙන් ආරම්භ වන මෙම බදු ලබන වසර වන විට සියයට 25 දක්වා ඉහළ නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.